brand logo

යතුරුපැදි සොරකම් ඉහළ යයි - ඊයේ දින සොරකම් 6ක්

28 February 2021

    ගල්නෑව පොලිස්වසමේ නෑගම ප්‍රදේශයේ දී සොරකම් කරන ලද යතුරුපැදි මිලටගෙන කොටස් කර විකුණන ස්ථානයක් පොලීසිය විසින් හඳුනා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ (27) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. එම ස්ථානයේ තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23ක්, අමතර කොටස් වර්ග 17ක්, යතුරුපැදි චැසි දෙකක් සහ එක් යතුරුපැදි එන්ජිමක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත. මේ අතර ඊයේ දිනට පමණක් යතුරු පැදි සොරකම් කිරීම් 06ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර යතුරුපැදි සොරකම්වල ප්‍රවණතාවක් තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. යතුරුපැදි ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 

More News..