brand logo

යතුරුපැදියේ සරුංගල් නූල දැවටී මව සහ සිඟිති පුතු මරුට

18 July 2021

රත්ගම පිටිවැල්ල ප්‍රදේශයේ පිංතාලිය හන්දිය අසල දී ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක සුලගේ පාවෙමින් පැමිණි සරුංගලයක නූල දැවටී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලීමෙන් පසු හික්කඩුව දෙස සිට ගාල්ල දෙසට ගමන් ගත් කාර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් පිරිස අනතුරට පත්ව තිබේ. ඒ අනුව එකම පවුලේ සැමියා, බිරිඳ සහ පුතුන් දෙදෙනා අනතුරට පත්ව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇති බව රත්ගම පොලිසිය පවසයි. මෙම අනතුර ඊයේ  ( 17 ) රාත්‍රි 8.20 පමන සිදුවී ඇති අතර බරපතල තුවාල සහිතව සිව්දෙනාම 1990 ගිලන්රථ සේවයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනගොස් ඇත. අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් සුදුසිංහ ලියනගේ මේනකා ප්‍රසාදිනි, වයස අවුරුදු 35ක් වූ දෙදරු මව රෝහල වෙත ඇතුලත් කරන විටත් මියගොස් ඇති අතර ඇයගේ තුරුලේ සිටි හීන්දෙනියගේ අනුක රන්දුල් ' වයස අවුරුදු 1 1/2 , වු සිගිත්තාද රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. ගිංතොටගේ වත්ත, පියදිගම, ගිංතොට පදිංචි වයස අවුරුදු 35 වූ පැදිකරු කොග්ගල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන සැරයන් වරයෙක් බව වමර්ශන වලින් අනාවරණය කරගෙන ඇත. යතුරු පැදියේ සිටි වයස අවුරුදු 5 ½ වූ වැඩිමහල් පුතු සහ පැදිකරු වන ගුවන් හමුදා සැරයන්වරයා දැනට කරාපිටිය රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි. මියගිය මවගේ හා බිලිඳාගේ මෘත දේහයන් මරණ පරික්ෂණ කටයුතු සිදුකරන තෙක් කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කර ඇත. අක්මීමන එච් එම් සමන්
 

More News..