brand logo

යක්කු ගහපු පාටියට ගිය විදුහල්පති ඇතුළු 100ක් නිරෝධායනයට

09 October 2020

ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක විදුහල්පතිවරයා, ගුරුවරුන් කිහිපයක් ඇතුළුව 100කට ආසන්න ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. එම පාසලේ අධ්‍යාපනය ලැබූ ආදි සිසුන් විසින් ගිනිගත්හේන අඹගමුව කුල්බෝන් ප්‍ර​දේශයේ සංචාරක බංගලාවක සංවිධානය කර තිබූ සාදයකට සහභාගි වූ පිරිසක් මෙසේ නිරෝධායනය කර ඇත. ආදි සිසුන් විසින් ගුරුවරුන්ට "ඇදුරු ආවර්ජනා" නමින් උපහාර උළෙලක් පවත්වා ඇති අතර එම උළෙලේ  "යක්කු" නැමති සංගිත කණ්ඩායමක් විසින් සංගිත ප්‍රසංගයක්ද පවත්වා ඇත. එම සංගිත කණ්ඩායම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනයේ විධායක නිලධාරින් පැවැත්වු සාදයක සංගිත ප්‍රසංගයක් පවත්වා ඊට පසු දින ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයට පැමිණ අදාල සංගිත ප්‍රසංගය පවත්වා ඇත. එම සංගිත කණ්ඩායමේ කලමණාකාරවරයා ඇතුළු සංගිත ශිල්පින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම ශිල්පින්වද මේ වන විට හදුනාගෙන එම ශිල්පින්ද ස්වයං නිරෝධානයකට යොමු කර පි.සි.ආර් පරික්ෂණයක් සදහා යොමු කිරිමට පියවර ගෙන ඇත.
 

More News..