brand logo

යකඩ ඇන 11ක් ගිල්ලවා දුන් දස වද නිස ගෘහ සේවිකාවට පිස්සු හැදිලා

17 October 2020

මීට වසර 4 ට පමණ විදේශ රැකියාවක් සදහා ගිය ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ කාන්තාවකට ගෙහිමි කාන්තාව යකඩ ඇන 11ක් ගිල්වා අසාද්‍ය තත්වයෙන් ලංකාවට නැවත පැමිණ තිබෙනවා. එහිදී ඇය ඔවුනට එරෙහිව පැවරු නඩුවකින්ද ජය ලබා ලංකාවට පැමිණියද, ඇයට කිසිදු වන්දි මුදලක් හෝ රක්ෂණ ආවරණයක් ලබා දී නැහැ. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මේ වන විට සිහිය විකල් තත්වයට ද පත්ව ඇති අතර,ත්‍රීකුණාමලය මහ රෝහලෙන් මානසික රෝගය ඇතුළු අසනීප කිහිපයකටම ප්‍රතිකාර ලබයි.ඇයගේ සැමියා හේන් ගොවියෙකි.රජයේ සියළු නීතිරීති හා උපදෙස් පිලිපදිමින් සහ රක්ෂණ ආවරණය ලබා ගෙන ගියද,ඇය නැවත ලංකාවට පැමිණ ඇත්තේද,ඇයගේ වැටුප් මුදලනි. ඇයගේ දියණියට අධ්‍යාපන කටයුතු සදහා ලබාදී තිබු ශිෂ්‍යාධාරයද මේ වන විට අත්හිටුවා ඇති බව කියා සිටි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරු තිදෙනෙකුට හා රජයන් තුනක ඇමතිවරුන්ට පැමිණිලි කලද කිසිදු සහනයක් ලැබී නැති බව ඇය කියා සිටි.මෙම පවුල මේ වන විට ඉතාමත් අසරණව දිවි ගෙවයි. https://youtu.be/qE5ILB4lXCE  
 

More News..