brand logo

මෝදිගේ පරිවාර ඇමැති ලෙස සජිත් පත්වීමෙන් එජාපයේ කැලඹිලි

08 June 2019

තම දෙවැනි නිල කාලයේ පළමු විදෙස් සංචාරය අරඹමින් පැය හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමැති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි කැලඹීමක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදුකිරීමත් සමග එජාපයේ ඉහළ නායකයන් දැඩි ලෙස කැලඹීමට ලක්ව ඇතැයිද පැවසේ. එළැඹෙන ඉරිදා (9වැනිදා) දහවල් 11.00ට ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණෙන අතර පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය නැරඹීමට යාමට නියමිතව ඇත. පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉඟිකොට තිබුණේ මීළඟ එජාප නායකයා තරුණ නායකයකු වුවහොත් තම සහායද ලබාදෙන ලෙස සඳහන් කළේය. මේ අතර අනුරාධපුරයේදී අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ස්වර්ණ ජයන්ති විහාරයේ චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයේදී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ස්ථිර වචනයක් ප්‍රකාශයට පත්කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..