brand logo

මෝදිගෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දියුණුවට සහය

13 June 2019

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඒ එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේදී රජයේ මැති ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේදීය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙම සහය ලබා දීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 

More News..