brand logo

මෝටර් වාහන ඇතුලු තවත් භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් ආනයනයට තහනමක්

19 April 2020

රට තුල පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් ආනයනය මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට රජය තීරණය කර තිඛේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රජය විසින් ඊට අදාල විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවයි. ඒ අනුව මෝටර් වාහන / සුඛෝපභෝගී භාණ්ඩ ඇතුලුව දේශියව නිශ්පාදනය කළ හැකි ආහාර වර්ග කිහිපයක් ආනයනය මාස තුනක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
 

More News..