brand logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වසර දෙකක් ප්‍රමාද වූ RFID ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවධානය

09 January 2020

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්හට උපදෙස් දී තිබේ. ඊයේ (08) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා නිලධධාරින් ගෙන් RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව කරුණු විමසා සිටියේය. එහිදී නිලධාරින් කියා සිටියේ මේ වනවිට එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා මූලික කටයුතු අවසන් කර ඇතත්, සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික කරුණු කිහිපයක් බලපාන බවයි. RFID (Radio Frequency Identification) හෙවත් ගුවන්විදුලි සංඛ්‍යාත මගින් වාහනයක් හඳුනාගැනීම මගින් දැනට අප රටේ නාගරිකව පවතින වාහන තදබදය අවම කරලීමටත්, වාහන වේගය පාලනය මෙන්ම ආරක්ෂක හේතුන් ආදි කරුණු ගණනාවක් සඳහා ඉවහල් වේ. මෙම ව්‍යාපෘතිය යටතේ සෑම වාහනයකම ඉදිරිපස RFID (Radio Frequency Identification) ටැග් එකක් හෙවත් ස්ටිකරයක් සවි කිරීම සිදුවේ. මෙමගින් සිදුවන ප්‍රධාන කරුණු තුනක් වේ. ප්‍රවේශ පාලනය Access Control - නිශ්චිත RFID ටැගයක් ඇති වාහනයක් මත පදනම්ව ප්‍රවේශ වීමට ඉඩ දීම හෝ ප්‍රතික්ෂේප කිරීම, ගොඩනැගිල්ලක් හෝ වාහන නැවැත්වීමේ ස්ථානයක් වැඩි දියුණු කළ ආරක්ෂාවක් සැපයීම සඳහා උචිත ක්‍රමයකි. මෙම පද්ධතිය අනවසරයෙන් ඇතුලුවන වාහන රඳවා තබා ගන්නා අතර ආරක්ෂිත ගොඩනැගිල්ලකට හෝ ඉඩමකට ඇතුළු වීම වළක්වයි. RFID ස්ටිකරය මගින් මහල් නිවාස / නිවාස සංකීර්ණ, ආරක්ෂිත වාහන නැවැත්වීමේ ස්ථාන, ඉදිකිරීම් අංගන ආදියෙහි වාහන නවත්වා තැබීම සඳහා ඉතා ප්‍ර යෝජනවත් වේ. වාහන හදුනා ගැනීම Motor vehicle Identification - වාහනයක් හදුනා ගැනීමට සහ එහි RFID ටැගය කියවීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව මෝටර් රථ කුලියට දෙන ආයතන, කාර් බෙදාහරින්නන් සහ කාර් සේදීමේ පහසුකම් වැනි සමාගම්වලට ප්‍රයෝජනවත් වේ. මෘදුකාංග එකතු කිරීමත් සමඟම, මෙම සමාගම්වලට මෝටර් රථයේ RFID ටැගය කියවීමෙන් වාහන මිලදී ගැනීම් සිදු කළ හැකිය. කුලී සමාගම් සහ බෙදාහරින්නන්ට බොහෝ දුරට සමාන කාර් කිහිපයක් තිබිය හැකි බැවින් RFID ටැගය මඟින් වාහන සංසන්දනය කිරීමට උත්සාහ නොකර වාහන වෙන් වෙන්ව හඳුනා ගැනීම සිදු කරයි. ගමනාගමනය වඩාත් සුමටව පවත්වා ගැනීමට RFID පද්ධති භාවිතා කළ හැකිය. වාහන ලුහුබැඳීම vehicle tracking - වාහනයක් සැතපුම් සිය ගණනක් ගමන් කරන විට එය ලුහුබැඳීම පහසු නැත. නමුත්, ගමන් මාර්ගය ඔස්සේ මුරපොලවල් පිහිටුවා ඇත්නම්, වාහනය ගමන් කරන ස්ථානය මත පදනම්ව එය තක්සේරු කළ හැකිය. එමනිසා RFID ස්ටිකරය ආරක්ෂක කාරණාවන් සඳහා ද යෝග්‍ය විසඳුමක් ලබා දෙයි. මෙම කාරණා පිලිබඳව අවධානය යොමු කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රථවාහන පොලිසියේ නිලධාරින් මෙන්ම මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙන ලද්දේ මාර්ග ආරක්ෂාව සඳහා උචිත විසඳුමක් වශයෙන් RFID වයාපෘතිය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ද සහභාගි විය. https://youtu.be/4Wv3YNjchts
 

More News..