brand logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 12වැනිදාත් වැඩ

10 April 2021

ලබන 12 සදුදා වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් වූවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි සිය සේවාවන් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව නාරාහේන්පිට කාර්යාලය ,වේරහැර කාර්යාලය, කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාලවල ද සාමාන්‍ය පරිදි සේවාලාභීන් සදහා සේවාවන් සැපයීම සිදු කරනු ලැබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය හා වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය මගින් සේවාවන් ලබාගැනීම සදහා 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ වේලාවක් වෙන් කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 

More News..