brand logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න කළින් අමතන්න

30 November 2020

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීමේ පහසුකම් වැඩි දියුණු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි. රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට දුරකථන අංක කිහිපයක් මීට ඉහතදී එම දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදෙනු ලැබීය. එම අංක ඔස්සේ දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සදහා මීට ඉහත හදුන්වාදුන් දුරකථන අංක අවලංගු කර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධව 0112677877 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කර ගැනීමේ පහසුකම් අද (30) සිට හිමිවේ. එමෙන්ම මේ වන විට සිදුකර ගෙන ඇති වෙන් කර ගැනීම් ඒ අයුරින්ම වලංගුව පවතින අතර, ඒ අනුව සේවා ලබා ගැනීමේ හැකියාව මහජනතාව වෙත පවතී.
 

More News..