brand logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යලි වැඩ අරඹයි

10 November 2020

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට සිට නැවත විවෘත කරන බව නිවේදනය කර තිබේ . මේ අනුව හෙට (11) සිට නැවත සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් විවෘත කර කටයුතු පවත්වාගෙන යනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ අලහකෝන් මහතා සඳහන් කරනවා. මේ අනුව ප්‍රධාන කාර්යාලය මගින් සපයන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල සහ වේරහැර කාර්යාලය හරහා ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. කෙසේනමුත් සේවාවන් ලබාගැනීම සඳහා කල් ඇතිව දිනයක් හා වෙලාවක් වෙන්කර ගත යුතුයි මේ අනුව හෙට සිට සේවාවන් ලබාගත හැකියි. සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා දුරකථන අංක හරහා සම්බන්ධවීමෙන් වේලාවන් ලබාගත හැකියි. වේරහැර කාර්යාලය මඟින් සේවා සැපයීම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් සීමා කර ඇති බව සඳහන් .
 

More News..