brand logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහජන සේවා සඳුදා සිට සුපුරුදු ලෙස

04 June 2020

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සීමාකර තිබූ මහජන සේවා කටයුතු ලබන සඳුදා (8 වැනිදා) සිට සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව එහි කොමසාරිස් (පාලන) උපාලි ජයසේකර පැවැසීය. එක්දින සේවාවද මේ වන විට ආරම්භ වී ඇති බව පැවසූ කොමසාරිස්වරයා කොවිඩ් අවදානම පහව යනතුරු එම සේවා ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් ඒ සඳහා වේලාවක් කලින් වෙන්කර ගත යුතු බව සඳහන් කළේය. මේ වන විට දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවද කොමසාරිස්වරයා කීවේය. ශිරන්තනි මානවඩු
 

More News..