brand logo

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ටෙන්ඩරය හොර පාරෙන් ගිහින්

31 August 2019

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු සඳහා උපදෙස් දීමට තෝරා ගැනුණු රාජ්‍ය ආයතන දෙකක් තිබියදී ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ප්‍රතික්ෂේප වූ පුද්ගලික ආයතනයක් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් තෝරා ගෙන තිබේ. නව ඊ - මෝටරින් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ හාර දහසක වියදමින් අදාළ නවීකරණ කටයුතු කෙරෙන අතර ඒ සඳහා රජයේ ආයතන වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ඇතුළු ආයතන සහ තවත් පුද්ගලික සමාගම් නවයක් ඉදිරිපත් විය. එහිදී අදාළ සුදුසුකම් සපුරා තිබුණේ ඉහත රාජ්‍ය ආයතන දෙක හා තවත් පුද්ගලික සමාගමක් පමණි. එසේ තිබියදී අදාළ ටෙන්ඩරය නියමිත ඇගයීම් පටිපාටියෙන් බැහැරව මුල් වටයෙන්ම ප්‍රතික්ෂේප වූ නිසි පළපුරුද්දක් නොමැති කුඩා ආයතනයකට පිරිනමා තිබේ. රටට අතිශය වැදගත් රාජ්‍ය ආයතනයක කටයුතු මේ ආකාරයට පළපුරුද්දක් රහිත සමාගමකට දීමෙන් මහජන මුදල් නාස්තියක් මෙන්ම ආයතනයෙන් සිදුවන මහජන සේවාවටද හානියක් බව සේවකයෝ පෙන්වා දෙති. එසේම නවීකරණ කටයුතු සඳහා වැයකරන මේසා විශාල මුදලින් නවීනතම ගොඩනැගිල්ලක් අලුතින් ඉදි කළ හැකි බවද දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.
 

More News..