brand logo

මෝටර් රථයට වැදී දීපශිඛා ‘මොනරු ඉඹී’

01 January 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණියේ ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණ ඇතිවය. එහිදී ජනාධිපතිවරයාට ජනතාවගෙන් බොහෝ මැසිවිලි ඉදිරිපත් විය. ඊට අනුව ජනාධිපතිවරයාගෙන් නියෝගද නිකුත් විය. මේ අතර මෙම ආයතනය පිළිබඳව මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශයේදී පෙරේදා (30 වැනිදා) විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී විෂය භාර ඇමැති මහින්ද අමරවීරද ආයතනයේ නිලධාරීන් සහ නිලධාරිනියන් පිළිබඳ තමන්ට ලැබුණු පැමිණිලි ගැන සාකච්ඡා කරන්නට ගත්තේය. ඔහු ප්‍රකාශ කළේ ආයතනයේ ඉහළ නිලධාරිනියක් තම මේස ලාච්චුව විවෘත කරගෙනම ජනතාවගෙන් මුදල් ඉල්ලා සිටින බවයි. ‘‘ප්‍රේමගේ දීප ශිඛාව’’ ලෙස ආයතනයේ ප්‍රසිද්ධ ඇය සල්ලි නැතිනම් චොකලට් එකක් හෝ ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව මෙහිදී හෙළි විය. ඇය ඇමැතිවරයාගේ හිතවතකුගෙන්ද මෙලෙස සංතෝසම් ඉල්ලා ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළි විය. උදයජීව ඒකනායක
 

More News..