brand logo

මෝටර් රථයක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

25 August 2020

ඉහල මිල්ලෑව ප්‍රදේශයේ මෝටර් රථයක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය අංශය සඳහන් කලේ එප්පාවල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගියදා මෙම සැකකරු අත්අඩංගුවට ගත්බවයි. කල විමර්ශන වලදී අනාවරණය වුයේ මෙම පුද්ගලයා ස්ත්‍රී දුෂණයක් සිදුකිරීම , පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීම හා තවත් අපරාධ 18ක් සඳහා අවශ්‍ය කරන සැකකරුවකු බවට අනාවරණය වී ඇත. පොලිස් භාරයට ගත් මෝටර් රථය අනුරධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී කණ්ඩායමක් විසින් වැඩි දුරටත් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී කාර් රථය තුලදී සුක්ෂමව රඳවා තිබු විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් හා පතරොම් 3ක් සොයා ගෙන ඇත.  
 

More News..