brand logo

මොළයට සම්බන්ධ කළ හැකි චිපයක්

29 August 2020

මොළයට කාවැද්දිය හැකි චිපයක් ප්‍රකට ටෙස්ලා තාක්ෂණික සමාගමේ නිර්මාතෘවරයා වන එලොන් මස්ක් විසින් හඳුන්වාදී තිබේ. එහිදී ඔහු ගර්ට්රූඩ් නම් ඌරෙකුට එම චිපය මුලින්ම බද්ධ කරමින් ඒ පිළිබඳ අනාවරණය කර තිබේ. මෙම චිපය මාස දෙකකට පෙර මෙම ඌරාගේ මොළයට ඇතුළු කර ඇති අතර, එම සතාගේ සජීව හැසිරීම් සිදුවන අවස්ථාවේදී උගේ මොළයේ ක්‍රියාකාරීත්වය විශාල තිරයක් ආශ්‍රයෙන් රැස්ව සිටි පිරිසට දැකබලා ගැනීමට ලැබී ඇත. මෙම චිපය වයර්වලින් සම්බන්ධ කෙරුණු තරමක කාසියක් බඳුය. එය මොළයට සම්බන්ධ වූ විට හිස් කබලේ ආදේශකයක් ලෙස පවතී. "එය ඔබේ හිස් කබලේ සම්බන්ධ කෙරුණු ෆිට්බිට් එකක් වගේ" යැයි මස්ක් පැවසීය. "එය ඔබේ හිස් කබල හරහා වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මට ඒ සමග සබඳතාවත් තිබිය හැකියි. නමුත් ඔබ දන්නේ නැහැ. නමුත් මම දන්නවා." පුද්ගලයෙකු යොදා ගනිමන් මෙම චිපයේ බලය භාවිත කරනු දැකීමට බොහෝදෙනා බලාපොරොත්තුවෙන් සිටින අතර, මෙමගින් ඇඟවෙන්නේ මිනිසුන්ට තම සිතෙන් පරිගණක හෝ ස්මාට්ෆෝන් පාලනය කිරීමට ඉඩ ලබාදීමේ මස්ක්ගේ දර්ශනයයි. මේ සඳහා ඌරෙකු යොදාගෙන ඇත්තේ ඌරන් මිනිසුන්ට බොහෝ සේ සමාන නිසා යැයි මස්ක් කියයි. මිනිසුන් සඳහා යමක් හඳුනාගැනීමට යන්නේ නම් ඌරන් ඊට හොඳ තේරීමක් බවද ඔහු පවසා සිටියි.
 

More News..