brand logo

ෂැංග්‍රිලා බෝම්බකරු මොහොමඩ් සහරාන් මියගිය බව DNA පරීක්ෂණයෙන් තහවුරුයි

21 May 2019

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. එය රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම DNA පරීක්ෂණය සිදු කළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම පරීක්ෂණයට අදාල රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු වර්තාව අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාර දීමට නියමිතව ඇත.
 

More News..