brand logo

මොහොමඩ් ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරයි

11 July 2019

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කර ඇත. වෛද්‍යවරයා විසින් කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධියට අදාළ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා මොහු අධිකරණයට රැගෙන විත් ඇති අතර වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වූ රැඳවුම් නියෝග අවසන් කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාවරයද අද අධිකරණයට දැනුම්දීමට නියමිතව තිබේ. වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු වඳභාවයට පත්වූ බව කියන කාන්තාවන් පිරිසකට සිදුකිරීමට නියමිත පැලෝපීය නාල පරීක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ මතය සහිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
 

More News..