brand logo

මොහොමඩ් අසාරුදින්ගේ පිතිහරඹය කේරළ ඉතිහාසය වෙනස් කරයි

15 January 2021

ඉන්දීය දේශීය ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රධාන පෙලේ තරගයකදී මුම්බායි කණ්ඩායමක් පරදා ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට කේරළ කණ්ඩායම පසුගියදා (13 වැනිදා) සමත් වූයේය. එම ජයග්‍රහණයත් සමග අදාළ තරගයේ වේගවත් පිති ප්‍රහාරයක නිරත වූ මොහොමඩ් අසරුදීන් ගැනද සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. මුම්බායිහි වන්කඬේ ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 7ක් දැවී ලකුණු 196ක් රැස් කළේය. මුම්බායි වෙනුවෙන් යසස්වී ජයිස්වාල් ලකුණු 40ක් රැස් කළ අතර ආදිත්‍යා තාරේ ලකුණු 40ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කේරළ කණ්ඩායම කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 201ක් සමගින් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය. කේරළය වෙනුවෙන් දැඩි කතාබහට ලක්වූ ඉනිමක් දියත් කළ මොහොමඩ් අසාරුදින් පන්දු 54කදී ලකුණු 137ක් රැස් කළේය. පන්දු 37කදී වාර්තා වූ අසාරුදින්ගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් අන්තර්ගත විය. ඉන්දීය හිටපු ටෙස්ට් නායක මොහොමඩ් අසාරුදින්ගේ නාමය සහ ඔහුගේ ක්‍රීඩා විලාසයට සමානකමක් තිබීමද මෙම පිතිකරුවා කෙරෙහි විශේෂයෙන් කථා කිරීමට තවත් හේතුවක් වී තිබේ. මේ අතර 2010 වසරේදී මුම්බායි පිලට එරෙහිව යුසුප් පතාන්ද පන්දු 37කදී ලකුණු 100ක් වාර්තා කර ඇති අතර එම අවස්ථාවේදී සේම මෙවර අසරුදින් සිය ශතකය වාර්තා කරන විටද, කඩුළු රකින්නා ලෙස කටයුතු කර ඇත්තේ ආදිත්‍යා තාරේම වීම විශේෂත්වයකි.
 

More News..