brand logo

මොහු දුටුවොත් වහාම දැනුම් දෙන්න

10 February 2020

පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි. මේ මස 4 වන දින නිකවැරටිය පොලිස් ස්ථානයට වාර්ථා වී ඇති අදාළ සිද්ධිය සම්බන්ධව මොහු පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් පවතී. පැමිණිලිකරු විසින් ලබා දුන් තොරතුරු මත සැකකරුවෙකුගේ රුවට සමාන ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කර ඇත. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවට පවසයි. නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය - 037 22 60 277 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - 071 85 91 274 සහකාර පොලිස් අධිකාරී - 071 85 91 276
 

More News..