brand logo

මොරවකන්ද ප්‍රදේශයේ මාරක රිය අනතුරක්

09 May 2021

ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටෙමින් අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ. මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයෙන් අනතුර සිදුව ඇත. එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. කන්ටේනර් රථය අධික වේගයෙන් පැමිණ තිබෙන බවට සැකකෙරෙන අතර යතුරුපැදි දෙකක් හා පාපැදියක් යටකර ගෙන ධාවනය වී ඇතැයි ද වාර්තා වී ඇත. ලොරි රථයේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර පසුව නවතා තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයක, තාප්පයක හා විදුලි කණුවක ගැටී අනතුර සිදුව තිබේ. රෝහල් ගත්කළ සිව්දෙනාගේ තත්ත්වය බරපතළ බව වාර්තා වන අතර නොච්චියාගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇත.
 

More News..