brand logo

මොරටුව විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් අටකට කොරෝනා

05 May 2021

මොරටුව විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් 08දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. සෞඛ්‍ය අංශ සදහන් කළේ එහි ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු තවත් රෝගීන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මීට පෙර ද එම අංශයේ සිසුන් 6දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර, මෙම ආසාදිතයින් 08දෙනා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට එම අංශයෙන් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14කි.
 

More News..