brand logo

මොරටුමුල්ලේ කාණුවක තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් සොයාගැනේ

12 June 2019

මොරටුමුල්ල ශාන්ත අන්තෝනි මාර්ගයේ ලී වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී උණ්ඩ තොගයක් සොයා ගෙන ඇත. පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම උණ්ඩ තොගය ඇතුළු ආයුද සොයා ගත් බව පොලිසිය සඳහන් කරන අතර රිවෝල්වරයක් සහ මැගසිනයක් සොයාගෙන ඇත. 9 MM වර්ගයේ උණ්ඩ 50 ක් සහ තවත් උණ්ඩ 04 ක් ද පොලීසියට භාරයට ගෙන ඇති අතර උණ්ඩ තොගයේ සහ ගිනි අවිවල හිමිකරු කවුරුන් ද යන්න මෙතෙක් හෙළිවී නොමැති බව සඳහන් වෙයි.
 

More News..