brand logo

මොබිටෙල් 5G ආවරණය One Galle Face Mall හිදී අත්හදා බලයි

23 March 2020

ඡායාරූපය (වමේ සිට දකුණට): කිත්ති පෙරේරා - ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඇන්ජෙලෝ මැතිව්ස් - මොබිටෙල් සන්නාම තානාපති, ලලිත් සෙනෙවිරත්න - අධ්‍යක්ෂ - මොබිටෙල්, ආචාර්ය අමිල කංකානම්ගේ - අධ්‍යක්ෂ, මොබිටෙල්, ඕෂධ සේනානායක - අධ්‍යක්ෂ ජෙනරාල් - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, රොහාන් ප්‍රනාන්දු - සභාපති - ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්, මයුර ගුණවංශ - ජනාධිපති උපදේශක, අධ්‍යක්ෂ - මොබිටෙල්, නලින් පෙරේරා - ප්‍රධාන විධායක නිලධාරී, මොබිටෙල්, රසන්ත හෙට්ටිතන්ත්‍රිගේ - ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු, මොබිටෙල් ශ්‍රී ලංකාවේ ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන මොබිටෙල් සමාගම පසුගියදා කොළඹ One Galle Face Mall ඵ්කක පරිශ්‍රයේදී 5G තාක්ෂණ ආවරණ කලාපයක් අත්හදා බලන ලදී. අපගේ කලාපයෙහි බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුමෙහි සුවිශේෂී සංධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකි මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති රොහාන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම මොබිටෙල් සන්නාම තානාපති ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ. තොරතුරු තාක්ෂණ සන්නිවේදනයෙන් හා දැනුමින් පොහොසත් රටක් බවට ශ්‍රී ලංකාව පත්කරවීමේ දැක්ම මූලික කරගනිමින් 5G තාක්ෂණය මෙරටට රැගෙන එන්නට මොබිටෙල් සමාගම කටයුතු කර තිබේ. දැනට පවතින තාක්ෂණික ක්‍රියාවලියට වඩා ඉතා උසස් මට්ටමක පවතින 5G තාක්ෂණය අනාගතයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට නියමිතය. මොබිටෙල් සමාගම 2019 වර්ෂයේදී පළමු වරට 5G තාක්ෂණය මෙරටදී අත්හදා බලන ලද අතර, එය පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, තාක්ෂණය පිළිබඳ උනන්දුවන්නන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් වැනි පුළුල් පිරිසකට අත්හදා බැලීමේ අවස්ථාව මෙවර ලබා දී තිබේ. 5G තාක්ෂණය කලාපය තුළ ප්‍රවර්ධනය සඳහා දක්වන උනන්දුව වෙනුවෙන් විවිධ ජාත්‍යන්තර සම්මානනීය ඇගයීම් හිමිකරගැනීමට මොබිටෙල් සමාගම සමත්ව සිටී.
 

More News..