brand logo

මොබිටෙල් පාරිභෝගික සේවා සතිය සමරයි

22 October 2019

ආයතනයේ සාර්ථකත්වයේ ප්‍රධානතම ස්ථම්භයක් ලෙස හඳුන්වා දියහැකි පාරිභෝගිකයන් කේන්ද්‍ර කොටගනිමින් “ඔබයි අපේ වීරයා” සංකල්පය පෙරදැරිව මොබිටෙල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. වසර පුරා සිය පාරිභෝගික අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකරමින් ඔවුන් ඇගයීමට කැපවන මොබිටෙල් ආයතනය ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය මූලික කරගනිමින් ස්මාර්ට් ෆෝන් පසුගෙවුම් පැකේජ, පෙරගෙවුම් පැකේජ, mCash, රෝමින් සහ තවත් බොහෝ අසමසම වරප්‍රසාද ඔවුන්ට ලබාදීම සිදුකළේය. “පාරිභෝගිකයන් කේන්ද්‍රකරගත් ආයතනයක් විදිහට අපි ඔබ සමගයි සැමදා උදාන පාඨය සැබෑවක් කරන්නට සැමදාම කැපවෙනවා. පාරිභෝගිකයන්ට හොඳම සේවාවක් සහ ඔවුන්ගේ අපේක්ෂා ඉටුකිරීමට වෙහෙසෙන එක අපේ හදවතේම තිබෙන දෙයක්. අපේ දෛනික වැඩකටයුතුවලදී මේ දර්ශනය ජීවිතවලට සුවපහසුව සහ නම්‍යශීලී භාවය රැගෙන එන්න පුළුවන් වුණා. ඒ වගේම, ඔවුන්ගේ ගෞරවය සහ විශ්වාසවන්තකම අපිත් එක්කම තිබුණු නිසා ලංකාවේ හැමෝම ආදරය කරන සන්නිවේදන සන්නාමය බවට අපිට පත්වෙන්න පුළුවන් වුණා. අපේ ඕනෑම බැරෑරුම් හෝ සුවපහසු අවස්ථාවන්වලදී අපත් සමග එකට සිටි සෑම පාරිභෝගිකයකුටම ස්තූති කරන්නට මෙම ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය මම අවස්ථාවක් කොට ගන්නවා. මොබිටෙල් ආයතනයේ පාරිභෝගික ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීන් ෆර්නැන්ඩර්ස් මෙම ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය පිළිබඳ සිය අදහස් දැක්වීය.
 

More News..