brand logo

මොබයිල් ෆෝනය නැතිවුනොත් කරන්න තියෙන අලුත්ම වැඩේ මෙන්න

16 January 2020

ජංගම දුරකථන අස්ථානගතවීම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. පොලිස් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ගෙන ඇති පියවර හේතුවෙන් ජංගම දුරකථනයක් අස්ථානගත වූ පුද්ගලයකුට තවදුරටත් පොලිස් ස්ථානයක් වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. මෙම නව ක්‍රමවේදය අනුව ජංගම දුරකථනය අස්ථාන ගතවූ පුද්ගලයාට අන්තර්ජාලය භාවිත කරමින් සිය පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කළ හැක. www.indeed.police.lk වෙබ් අඩවිය මේ වෙනුවෙන් හඳුන්වා දී ඇත. ඊට පිවිස සිය පෞද්ගලික දත්ත සහ දුරකථනය පිළිබඳ තොරතුරු ඇතුළු කිරීමෙන් සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු තොරතුරු අදාළ වෙබ් අඩවිය ඔස්සේ පළකර ඇති අතර දැනුවත් කිරීමේ වීඩියෝ පටයක්ද ඊට එක්කර ඇත. ජංගම දුරකථනයක් අස්ථානගතවීමේදී එය නැවත සොයා ගැනීම සඳහා දුරකථනයෙන් ඉමි අංකය (IMEI Number) අත්‍යවශ්‍ය වේ. ඉලක්කම් 15කින් යුතු මෙම ඉමි අංකය ඕනෑම ජංගම දුරකථනයක *#06# ඇතුළත් කිරීම ඔස්සේ ලබාගත හැකිය. නයන තරංග ගමගේ
 

More News..