brand logo

මොන අභියෝග කළත් මොන බාධක දැම්මත් වැඩේට ලෑස්තියි

02 August 2019

රට ගොඩනගන වැඩපිළිවෙළට තමන් අවතීර්ණ වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01දා) හම්බන්තොට පැවැති වැඩසටනකදී ජනතාව අමතමින් සඳහන් කළේය. වෙන කථා දෙකක් නෑ. මම වැඩේට බැහැලා ඉන්නේ. මොකක්ද මේ වැඩේ රට ගෙඩනගන වැඩසටහන, ජනතාව ශක්තිමත් කරන, ජීවත් කරවන, මාතෘ භූමිය ලොවම ජයග්‍රහණය කරන වැඩසටහන. මගේ ප්‍රාර්ථනාව රටේ සෑම පවුලක්ම පුරවැසියෙක්ම ආර්ථික වශයෙන් ශක්තිමත් කරලා, ස්වශක්තියෙන් අභිමානවත් ජන ජීවිතයක් ගත කරන තමන්ගේ හයිය ගැම්ම තුළින් නැගී සිටින කාගේවත් වහලෙක් නොවන කාටවත් යටත් නොවන අභිමානවත් පුරවැසියන් ජීවත්වන අභිමානවත් මාතෘ භූමියක් බිහි කිරීමයි මගේ එකම පැතුම. මම රටේ අනාගත වගකීම ශක්ති සම්පන්නව සජිත් ප්‍රේමදාස භාර ගන්නවා. අපේ ගමනට පොදු තේමාවක් තිබෙනවා. ඒ පොදු තේමාව තමයි අපි කියන කරන හැම ක්‍රියාවකින්ම ජනතාව ශක්තිමත් කිරීම. මැතිවරණය අභියෝගයක් නෙමෙයි. කිසිම කෙනෙක් භය වෙන්න එපා. කවුරු මොන අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි යනුවෙන් එම රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
 

More News..