brand logo

මොනරාගල සියලු සතිපොළ සති දෙකකට වහයි

26 April 2021

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි මෙනෙවිය සඳහන් කර තිබේ. මේ සම්බන්ධ තීරණය මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර ඇත. එසේම ඉදිරියේදී පාසල්, නගර හා රාජ්‍ය ආයතන වසා දැමීම කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් තීරණය කෙරෙන බවද සහකාර ප්‍රදේශය ලේකම්වරිය සඳහන් කරයි.
 

More News..