brand logo

මොනරාගල දී සොයාගත් කෝටි 600 නිල් මැණික් පිළිමය

05 October 2020

නිල් මැණිකක් භාවිතයෙන් නිම කළ අඟල් 2ක් පමණවන පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් රුපියල් කෝටි 600ක මුදලකට විකිනීමට උත්සහ කිරීමේදී මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී චීවරධාරියෙකු ඇතුළුව සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (04) සවස 3ට පමණ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.මේ බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරනවා. සැකකරුවන් වයස අවුරුදු 20, 26, 30 හා 40ක් වන රඹෑව, අනුරාධපුරය සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත. තවත් සැකකරුවන් තිදෙනෙක් පැනගොස් ඇති අතර ඔවුන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා. සැකකරුවන් අද (05) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..