brand logo

මොණරාගල රෝහලේ උණුසුම් තත්ත්වයක්

14 January 2021

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරු සහ සහායකවරියන් පිරිසක් අද (14) උදෑසන සියලු රාජකාරීවලින් ඉවත්ව රෝහල ඉදිරිපිට විරෝධතාවක නියැලී තිබේ. මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බවට ඊයේ (13) පස්වරුවේ හදුනාගැනීමත් සමග රෝහලේ වාට්ටු අංක 6 සහ 11 හි සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්යමණ්ඩලය නිරෝධායනයට යොමු කෙරුණි. නමුත් එහි සේවය කළ සුළු සේවකයින් නිරෝධායනයට යොමු කිරීමට රෝහල් බලධාරීන් පියවරගෙන නොතිබීම නිසා සුළු සේවකයින් 162 දෙනෙකු අද (14) පෙරවරුවේ රාජකාරීවලින් බැහැරව විරෝධතාවයේ නිරතවිය.
 

More News..