brand logo

මොණරාගල කොරෝනා ආසාදිතයින් 2 ක්

14 July 2020

මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී ඩී කේ අධිකාරි මහතා පවසයි. කොරෝනා බවට සැක තවත් පුද්ගලයින් පස් දෙනෙකු පිළිබද තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවලට නොරැවටී සමජ දුරස්ථ භාවය රැක ගනිමින් කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේනව විට ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ බුත්තල  උණාවටුන ප්‍රදේශයෙන් හා සියඹලාන්ඩුව විලඔය ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයින් දෙනෙකු වේ. ඔවුන් දෙදෙනාට අමතරව  බඩල්කුඹුර දේවතුර ප්‍රදේශයෙන්  පුද්ගලයෙකුත් ,කතරගම ප්‍රදේශයෙන් පුද්ගලයෙන්  දෙදෙනෙකු හා මැදගම ප්‍රදේශයේ  දෙදෙනකුත් හමුවි තිබේ . බුත්තල ප්‍රදේශයේ ආසාදිතයා  ඇසුරුකල හා ගැවසුනු ස්ථානවල  ආශ්‍රිතයින් 45 දෙනෙකුගේ පරික්ෂණ ඊයේ (14) සිදුකිරිමට  කටයුතු යොදා ඇති බවත්  මෙනෙරාගල ප්‍රදේශයේ ඔහු ගැවසුනු ස්ථානවල සිටි අයගේ  පරික්ෂණ කටයුතු අද(15)දිනයේ සිදුකිරිමට කටයුතු කර ඇති බවත්  ඒ මහතා කියා සිටියේය.  
 

More News..