brand logo

මොටර් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එකම පවුලේ තිදෙනෙකු ජිවිතක්ෂයට

23 April 2019

අධික වේගයෙන් ධාවනය මොටර් රථයක් අඩි 80 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත රියදුරු සහ තවත් දෙදෙනෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි   ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය. ඊයේ (22) පස්වරු 2.15 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොත්මලේ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ආයුර්වේදය අසලය. අනතුරෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ අටබාගේ කැකුලන්ද ප්‍රදේශයේ පදිංචි  අසේල රාජපක්ෂ නැමති අවුරුදු 70 හැවිරිදි (රියදුරු) අයෙක් සහ ඔහුගේ බිරිදගේ මව සහ පියා වන එම ප්‍රදෙශයේම පදිංචි සි.අඹේපාල (80) සහ ඒ.සුමනාවති (78) යන තිදෙනයි. කොත්මලේ අයුර්වේදට ගොස් ආපසු නිවස කරා  මොටර් රථය ධාවනය කරමින් සිටින අවස්තාවේ රියදුරු අතින් එක් වරම මොටර් රථයේ වේගය වැඩි වි වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය පැවසුවේ. මිය ගිය තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.
 

More News..