brand logo

මොකක්ද අර කැබිනට් එකේදි කිව්වයි කියන්නේ

08 June 2019

බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තුන්බෝවිල ධම්මරතන හිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයක් පිරිනැමීමේ අක්තපත්‍ර ප්‍රදානයේ දී යළිත් වතාවක් මෛත්‍රී - මහින්ද මුණගැසුණේ ය. ඒ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත්, මහින්දට යළිත් සහාය නොදෙන බවත් මෛත්‍රි කැබිනට් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බවට ප්‍රවෘත්තියක් පැතිරෙමින් තිබුණි. ‘‘මොකක්ද අර කැබිනට් එකේදි කිව්වයි කියන්නේ...?’’ මහින්ද මෛත්‍රිගෙන් ඇසුවේය. ‘‘මම කිව්ව ඒවා වගේම නොකිව්ව ඒවත් ඒකේ තියෙනවා...’’ යැයි මෛත්‍රී කීවේ ය. එහෙත් මෛත්‍රී තමා කීවේ මොනවාදැයි නොකීවේ මොනවාදැයි ‘කෙළින් ම’ කීවේත් නැත. ‘‘ඒක තමයි...’’ කී මහින්ද ද ඒ ගැන වැඩිදුර අසන්නට ගියේ නැත.
 

More News..