brand logo

මෛත්‍රී මැතිවරණයට ආවොත් නිදහස් පක්ෂයට ඡන්ද අඩුවෙන ලකුණු

08 February 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ මැතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයට අවාසි සහගත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට ඉදිරිත් වීමට මේ වන විට සූදානම් වෙයි. එහෙත් ඇතැම් සංවිධායකවරු පෙන්වා දී ඇත්තේ පක්ෂය මහ මැතිවරණයට තනිව ඉදිරිපත් විය යුතු බවයි. ඒ පිළිබඳ ඉල්ලීම් පක්ෂ මහ ලේකම්වරයා වෙත යොමුකර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තරග කිරීමේදී හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර වැඩිකර ගැනීම ගැටලුවක් බව ප්‍රබලයන් පිිරිස පෙන්වා දී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ චෝදනාව හිටපු ජනාධිපතිවරයාට එල්ල වී තිබීම ඊට හේතුවයි. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනත් දේශපාලන පක්ෂවලට ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව එම ප්‍රබලයන් පිරිස පෙන්වා දී තිබේ. තවද නව සන්ධානයේ සම නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළකර තිබේ. උදයජීව ඒකනායක
 

More News..