brand logo

මෛත්‍රි-සජිත් හමුවක් අද

12 November 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී අද (12 වැනිදා) පෙරවරුවේ සිදු වීමට නියමිතව ඇත. ජනාධිපති මන්දිරයේ අද (12 වැනිදා) පැවැත්වෙන පොහෝ දින බණ වැඩසටහන සඳහා සහභාගි වන ලෙසට ජනාධිපතිවරයා රජයේ සියලුම මැති ඇමැතිවරුන්ට ආරාධනා කර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. මෙම බණ වැඩසටහනින් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදු වනු ඇතැයි වාර්තා වෙයි. උදයජීව ඒකනායක  
 

More News..