brand logo

මෛත්‍රි පාස්කු ප්‍රහාරයට මගපෑදුවේ උකුස්සෙක් වගේ - රංගේ කියයි

03 March 2020

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරයට මග පාදන ලද්දේ උකුස්සකු පහර දෙන ආකාරයට බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගෙ බණ්ඩාර පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (02 වැනිදා) එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදී ‘අරුණ’ පුවත්පතේ පළවූ වාර්තාවක් ප්‍රදර්ශනය කරමිනි. ‘‘අපිත් ගහන්නේ උකුස්සෝ ගහනව වගේ’’ නමින් පළව තිබුණු එම වාර්තාවට පදනම්ව තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කර තිබූ ප්‍රකාශයෙකි. මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවසීය. ​​මෛත්‍රිපාල කියනවා අපි ගහන්නේ උකුස්සෝ ගහනවා වගේ කියලා. ඔහුගේ ඒ ප්‍රකාශය අද ‘අරුණ’ පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. ​මෛත්‍රිපාල කොහේදෝ යන නාමල් කුමාරයෙක් එක්ක එකතුවෙලා උකුස්සෝ ගහන විදිහට තමයි ගැහුවෙ. කෙළින්ම ගැහුවෙ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට. ඔහුට ගහල ඔහුව අත්අඩංගුවට අරගෙන නිකරුණේ රඳවල තිබ්බා. ඒ හඬපට ගැන කරපු කිසිම විමර්ශනයක්වත් පවරපු නඩුවක්වත් නැහැ. නාමල් කුමාරගෙ හඬපටවලින් සිද්ධ වෙච්ච එකම දේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් ඔහු සිදුකරපු විමර්ශන නැවතිලා සහරාන්ගෙ ප්‍රහාරයට මග පෑදීමක් පමණයි. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එදා අත්අඩංගුවට ගත්තෙ නැත්නම් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. මේ සාපරාධී මනුෂ්‍ය ඝාතනයට වගකියන්න ඕනෙ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරි​​සේනයි. නාලක සිල්වාට ගැහුවෙ උකුස්සා ගැහිල්ල තමයි. පූජිත් ජයසුන්දරටයි, හේසිරි ප්‍රනාන්දුටයි ගැහුවෙත් ඒ උකුස්සා ගැහිල්ලෙන්ම තමයි. ඒ දෙන්නා හිරේ දාලා මෛත්‍රිපාල තමන්ගේ නිදහස හදාගත්තා. එහෙම ගහගෙන ගහගෙන ගිහින් අන්තිමට කෙහෙල් ගහට කොටන්න ගිහින් තමයි මෛත්‍රිපාල වරද්දගත්තෙ. අන්තිමට උකුස්සා ගැහිල්ල ගහන්න ආවේ යූ.එන්.පී. එකටයි, රනිල් වික්‍රමසිංහටයි. ඒක ගහගන්න බැරි වුණා. ඔහුට බැරිවුණා අපේ විපක්ෂයටයි නායකයටයි ගහන්න. ඒ නිසා තමයි ගිහින් අනිත් පැත්තත් එක්ක එකතුවෙලා නීතිවිරෝධී ආණ්ඩුවක් පිහිටුව ගත්තෙ. ​මෛත්‍රිපාල සිරිසේන කියන්නේ රට ගැන නොහිතා ඕනෑම කුපාඩි ගැහිල්ලක් ගහන පුද්ගලයෙක්.   නයන තරංග ගමගේ
 

More News..