brand logo

මේ වසරේ IPL තරඟාවලියේ වේගවත්ම ශතකය සංජු වාර්තා කරයි

30 March 2019

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට ඊයේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ සන්ජු සැම්සන් සමත්ව තිබේ. ඔහු ඊයේ දිනයේ නොදැවී පන්දු 55කදී ලකුණු 102ක් වාර්තා කිරීමට විය. සන්ජුගේ එම ශතකයට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත් වේ. නමුත් සන්ජුගේ ශතකයට ඊයේ දිනයේ කිසිදු වටිනාකමක් කණ්ඩායමෙන් හිමිනොවීය. ඊට හේතුව වූයේ රාජස්ථාන් පිල කඩුළු 5කින් පරාජයට පත්වීමයි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 2ක් දැවී ලකුණු 198ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි සන්රයිස් හයිද්‍රාබාද් පිල පන්දුවාර 19කදී කඩුළු 5ක් දැවී ලකුණු 201ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට විය. හයිද්‍රාබද් පිල වෙනුවෙන් ඩේවිඩ් වෝන්ර් පන්දු 37කදී ලකුණු 69ක් ලබාගත්තේය. ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 5ක ජයගත්තේය.

සන්ජුගේ සුපිරි ශතකය මෙතනින් බලන්න

 

More News..