brand logo

මේ වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 8000යි

15 December 2019

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 8000ක් පමණ වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාඩු ලබන රාජ්‍ය ආයතන 19කට වැඩි සංඛ්‍යාවක් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කර අවසන් බව අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී දළදා මාළිගාව වෙත අද පෙරවරුවේ පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.
 

More News..