brand logo

මේ වසරේ පාසල් නිල ඇඳුමට රු. කෝටි 260 ක්

02 December 2019

පාසල් සිසුන් හතළිස් හාරලක්ෂයක් සඳහා මෙම වසරේ (2019) නිල ඇඳුම් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 260 ක් වැයකර ඇත. පෙර වසරට වඩා රුපියල් තිස් අට කෝටි අට ලක්ෂයක් මෙම වසරේ නිල ඇඳුම් සඳහා වැඩිපුර වියදම් කර ඇති අතර සිසු සංඛ්‍යාවද පෙර වසරට වඩා ලක්ෂයක වැඩිවීමක් පෙන්නුම් කරයි. මීට අමතරව මෙම වසරේදී පාසල් සිසුන් ලක්ෂ 42 කට පෙළ පොත් ලබාදීම සඳහා රුපියල් කෝටි 480 ක් වැයකර ඇත. පෙළ පොත් සඳහා 2018 වසරේදී වැයකර ඇති මුදල රුපියල් කෝටි 428 කි. ශිෂ්‍ය සංඛ්‍යාව වසර දෙකේම එක සමානය. දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා පාවහන් ලබාදීමටද මෙම වසරට රුපියල් කෝටි 64 ක් වැයකර තිබේ. සිසුන් හයලක්ෂ අනූ දහසකට නොමිලේ පාවහන් ලබාදී ඇත. 2018 වසරේදී සිසුන් හයලක්ෂ පනස් දහසකට පාවහන් ලබාදී තිබෙන අතර ඒ සඳහා වැයකර ඇති අරමුදල රුපියල් හැත්තෑ පන්කෝටි විසි ලක්ෂයකි. අජිත් අලහකෝන්
 

More News..