brand logo

මේ වසරේ අන්තිමේදී මීතොටමුල්ල කුණු කන්දේ මල් පිපේ

10 August 2019

මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයක් බවට සංවර්ධනය කිරීමේ කටයුතුවලින් සියයට 40 ක් අවසන් බවත්, එහි මුල් අදියර මේ වසර අගදී අවසන් කිරීමට හැකිවනු ඇති බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වසර සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් මීතොටමුල්ල උද්‍යානය සැකසීමට වෙන්කර ඇතැයිද ලේකම්වරයා කීවේය. මෙම උද්‍යානය සැකසීමේ කටයුතු යුද හමුදාව සම්බන්ධ කරගෙන කරමින් පවතින බවත්, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එහි අධීක්ෂණ කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය. උද්‍යානයේ පළමු අදියර මේ වසර අගදී ජනතාවට භාරදීමට හැකිවනු ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..