brand logo

මේ රට හදන්න පුළුවන් රටක්

22 July 2020

මෙතෙක් ජනතාව තෝරාගත් පාලකයන්ට රට ගොඩනගන්නට හෝ ජනතාවගේ ගැටළු නිරාකරණය කිරීමට කිසිදු උවමනාවක් නොතිබූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (21) මහරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. මහජනතාවගේ ඡන්දයෙන් පත්වන වත්මන් මහජන නියෝජිතයන් සිදුකරන්නේ බලය ලබාගැනීමෙන් අනතුරුව තමා, තමාගේ පවුලේ සාමාජිකයින් සහ තමා වටේ සිටින සහචරයන් දියුණුවට පත් කිරීම බව අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා.... පහුගිය අවුරුදු 72න් අවුරුදු 68ක් විතර මේ රට පාලනය කරලා තියෙන්නේ වලව් හතරයි. බලයට පත්වන නායකයා ඊළගට තමන්ගේ පවුලෙන්ම නායකයෙක් හදන්න උත්සාහ කරනවා මිසක් රට හදන්න උත්සාහ කළේ නැහැ. මේ රට හදන්න පුළුවන් රටක්. මේ රටේ සම්පත් ටික රටේ තරුණ පරම්පරාව. ඉතා හොදින් කළමනාකරණය කරලා මෙහෙව්වොත් මේ රට හදන්න පුළුවන්. ජනතාවගේ ප්‍රශ්නයක් ආපුවාම පාර්ලිමේන්තුවේදි රනිල්ට කතා කරන්න බැහැ. ඇයි ? රනිල්ගේ අතපය ගැටගහලා තියෙන්නේ බැදුම්කරේ කඹෙන්. සජිත්ගේ අතපය ගැටගහලා තියෙන්නේ සංස්කෘතික අරමුදලේ අයථා ලෙස මුදල් පරිහරණය කිරීම නිසා. ඒ නිසා එගොලන්ට කවදාවත් ප්‍රබල හඩක් නගන කණ්ඩායමක් බවට පත්වෙන්න බැහැ පාර්ලිමේන්තුවේ. තමුන්නාන්සේලා ලෑස්තියි නම් අපිට රට භාරදෙන්න, සහතිකයි අපි මේ රට හදනවා.
 

More News..