brand logo

මේ මිනිස්සු ඡන්දෙයි කොරෝනා යි කවලම් කරගෙන

26 April 2020

ප්‍රධාන පක්ෂ දෙකේ ම අදහස් එකයි නම් දෙගොල්ලොම එකතු වී මුලින් ජනතාව බේර ගන්න නැත්නම් ඡන්දෙ දෙන්න මිනිස්සු නැති වෙයි අද දින දඹාන කොටබකිනියේ දී ආදිවාසී නායක තුමන් ගේ ඒ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී එහිදී ආදිවාසී නායක තුමන් විසින්  කරන ලද කථාව ඇත්තට ම මේ කාලෙ වෙනකොට අපේ මේ රටේ ඔයා ගොඩක් ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා මොකක්ද corona වසංගතය මේ වසංගතය ගොඩක් අපේ රටේ රට වටේම දැනට පැතිරිලා තියෙනවා දැන් ඒ වගේම මේ මේ කාලයේම තවත් ලොකු කතාවක් පැතිරෙනවා මැතිවරණයකුත් තියෙනවා කියලා ඉතින් මේ මිනිස්සු ඡන්දෙයි කොරෝනා යි කවලම් කර ගෙන තමයි ඉන්නේ ඉතිං ඇත්තටම මම කියන්නේ මේ කාලේ වෙනකොට මේ රෝගය බෝ වෙච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා ඒ වගේම මේ රටේ ඡන්දෙ කුත් අවශ්‍යතාවය තියෙනවා මම දන්නෙ නෑ චන්ද කියන එකේ නීති රීති මොකක්ද කියන එක හැබැයි මට තේරෙනවා මේ රෝගය බෝ වෙච්ච මිනිස්සු ගොඩක්  ඉන්නවා ඒ ලෙඩේ බෝ වේගන යන පිරිසක් ඉන්නවා ඉතින්  මේ කාලේදී ඇත්තටම මම මේ කියන්නේ ඡන්දෙ දෙන්න මිනිස්සු ජීවත් වෙන්න ඕන මිනිස්සු ජීවත් වෙන්නත් ඕන ඡන්දෙ තියෙන්නත් ඕන මේ  වෙලාවේ මම හිතන්නේ අපේ රට දිහා බැලුව ම අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා මේ පක්ෂ දෙකේ කණ්ඩායම්  දෙකක් ඉන්නවා ඉතින් මේ කණ්ඩායම්   දෙකේ ම අදහස් දිහා බලන කොට අපේ රට ආරක්ෂා කර ගන්න එක මිනිස්සු ආරක්ෂා ආරක්ෂා කර ගන්න එක ඒ වගේම කොරොන ලෙඩ  මිනිස්සු බේර ගන්න මේක ගැන තමා මේ කණ්ඩායම් දෙකම  කතා කරන්නේ හැබැයි මම හිතනවා මේ අදහස් දෙකම  එකයි නම් මේ කණ්ඩායම් දෙක ම එකට එකතු වෙලා මේ ලෙඩේ ඉවර කරගෙන මේ රටේ ඉදිරි අනාගතය ගැන කතා කරන එක හොඳයි මං කියන එක තමයි මට කියන්න තියෙන්නෙ මොක ද මේ වෙලාවේ මිනිස්සු බේර ගන්නත් ඕන  මිනිස්සු බේරගන්ඩ බැරි වුනොත් ඔය පක්ෂ දෙකින් එක  පක්ෂය තවත් කතිරේ ගහන්ඩ මිනිස්සු නැති වෙනවා ඉතින් ඒ හින්දා ඡන්දෙ ගැනත් කල්පනා කරල ඒ මිනිස්සු ගැන වැඩියෙන් කල්පනා කරල ඉදිරි කාලයේදී මේ රට බේර ගන්න  ඕන මේ කණ්ඩායම් හැම එකක් ම එකතු වෙලා මේ ලෙඩේ ගැන වැඩියෙන් කල්පනා කරල මුලින්ම මිනිස්සු බේරගන්න  බේර ගන්න කටයුතු කරනවා නම් වැඩියෙන් හොඳයි කියලා මම විශ්වාස කරනවා මේ වෙලාව වෙන කොට ලෝකයේ මිනිස්සු මිය යනවා මම තවමත් සතුටු වෙනවා අපේ රටේ මිනිස්සු තාම හත් දෙනා මිය ගිහිල්ලා තියෙන්නේ අනිත්  රටවල් දිහා බැලුවම එක දවසට 500 මැරෙනවා එහෙමයි නිතර බලන කොට අපේ රටේ තාමත් සතුටු  වෙන්න පුළුවන් මේ රට පාලනය කරන ලොකු මහත් වූ හැමෝම එකට එකතු වෙලා සාකච්ඡා කරලා මේ ලෙඩෙන් බේරෙන්න උත්සාහ කරනවා නම් ගොඩක් හොඳයි කියන එක මම මේ කැලේ ඉඳලා ඕගොල්ලොන්ට කියනවා   අංජලී පෙරේරා - මහියංගණය
 

More News..