brand logo

මේ මංගලෝත්සව සමයේ මනාල මනාලියන්ට පළමු මංගල තෑග්ග ලිට්රෝ ගෑස් වෙතින්

25 August 2020

ශ්‍රී ලංකාවේ LP ගෑස් වෙළඳපොළේ අවිවාදිත ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, 2020 විවාහ මංගලෝත්සව සමය ආරම්භ වන ජුනි මාසයේ සිට, නව විවාහක යුවළට පිදෙන සුරැකි තිළිණයක් ලෙස කිලෝග්‍රෑම් 12.5 නව ගෑස් සිලින්ඩර සඳහා විශේෂ තෑගි වවුචර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දිවයින පුරා විසිරුණු විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලවලදී තම විවාහයන් ලියාපදිංචි කරන මනාල මනාලියන්ට මෙම තෑගි වවුචර හිමිවනු ඇත. ‘‘අප සියලු දෙනාටම COVID-19 වසංගත තත්ත්වය නිසා කිසියම් ආකාරයකින් බලපෑම් එල්ල වී ඇති බව අප කවුරුත් දන්නවා. එම නිසා මේ දුෂ්කර සමයේ අලුත් ජීවිතයකට මුලපුරන මනාල මනාලියන් වෙනුවෙන් අර්ථවත් හා ප්‍රායෝගික ත්‍යාගයක් ලබාදීමට අප තීරණය කළා. ඒ අනුව, ඔවුන් තම විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ලබන පළමු ත්‍යාගය ලෙස මෙම තෑගි වවුචර ඔවුන් අතට පත්වේවි. තම විවාහ සහතිකයත් සමගම මේ තෑගි වවුචරය හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.” ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් අලෙවි හා ආයතනික කටයුතු) ජනක පතිරණ මහතා පැවසී ය. විවාහය ලියාපදිංචි කළ දිනයේ සිට මාස 2 ක් දක්වා මෙම ත්‍යාග වවුචර වලංගු වන අතර, දිවයින පුරා විසිරුණු ඕනෑම ලිට්රෝ ගෑස් අලෙවි ස්ථානයක් වෙත එය භාරදී තම ගෑස් සිලින්ඩරය සඳහා අවශ්‍ය මිල අඩුකිරීම ලබාගත හැක.
 

More News..