brand logo

මේ පාර මම පෝස්ටර් ගහන්නේ නැහැ - ඇමති නිමල්

10 February 2020

මෙවර මහ මැතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන් පෝස්ටර් වලින් තොර ප්‍රශස්ත මැතිවරණ ව්‍යාපාරයක් සිදුකර මැතිවරණය ගෙනයන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මහියංගනය ප්‍රදේශයේ ඊයේ (09) පැවැති ජන හමුවකදීය. මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව මැතිවරණයට ඉදිරිපත් වන බවත්, මැතිවරණයට තරගවදින ලකුණ ප්‍රශ්නයක් නොවන බවත් අමාත්‍යවරයා සදහන් කලේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා....... දැනට තිබෙන දේශපාලන මැතිවරණය අනුව බොහෝ අය ප්‍රකාශ කරනවා, අතෙන් එනවාද , පුටුවෙන් එනවාද , පොහොට්ටුවෙන් එනවාද කියලා අහනවා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත්, පොදුජන පෙරමුණ සමගත් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ලකුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එක්ව සන්ධාන ගත වෙලා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියළු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සදහන් කරලා තිබුණා, සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා . ඒ බව පුවත් පත් වාර්තා කරලා තිබුණා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ ඉහල දේශපාලන නායකත්වය විසින් ඔබ සියළු දෙනාටම එක්ව එකට එකතු වෙලා ගමේ දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් හදනවා යැයිද අමාත්‍යවරයා සදහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා විශිෂ්ඨ නායකයෙක් වශයෙන් මේ රට විනය ගරුක රටක් බවට පත් කරන්න හැකි වාතාවරණයක් නිරිමාණය කරලා තියෙනවා. එතුමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතා ප්‍රශස්ත මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියා. එතුමා තමන්ගේ නම් තැන් තැන්වල ලිවුවේ නැහැ. පොස්ටර් ගැහුවේ නැහැ. අපිත් ඒ ආදර්ශය අනුව වැඩ කරන්න ඕන. මමත් මෙවර පොස්ටර් ගහන්නේ නැහැ. දැන් ගෝඨාහය රාජපකුෂ මැතිතුමා පත්වෙලා ඉතා කෙටි කාලයයි. එතුමා ජනතාවට සහන රාශියක් දුන්නා. මෙරට නිෂ්පාදනය කරනු ලබන අල, බඩ ඉරිඟු, කව්පි මුං ඇට වැනි දේවල් පිටරටින් ගෙන්වන එක තහනම් කලා. එහෙම කළේ ගොවි ජනතාවගේ අර්ථිකය ශක්තිමත් කරන්නයි. ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා හොද වෙළඳපොලක් ලබා දීමටයි. ඒ නිසා ඉදිරියේ දී තවත් ජනතා හිතවාදී සහන රාශියක් ලබා දීමට නියමිත බවත් ආර්ථිකය ශක්තිමත් කර රටේ දැවැන් සංවර්ධනයක් කරා වත්මන් රජය ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය. https://youtu.be/8BQDICRIvsA    
 

More News..