brand logo

මේ පාර ගහන්නේ එසේ මෙසේ ගැහිල්ලක් නොවෙයි

14 July 2020

පොළොන්නරුව ඓතිහාසික වෙනසක් කළ පොළොන්නරුව ප්‍රතිනිර්මාණය කළ මට ගමේම කොටසක් ගමේ එකාට ඡන්දය දෙන්නට එපා කියනවා. ඒත් ​ගමේ අය විදියට තමුන්නාන්සේලා ලබන 5 වැනිදා උදේ හතට ගිහිල්ලා ගමේ එකාට හතේ මහත්තයට ඡන්දයක් ලබා දෙන්න, යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව ලක්ෂ උයන ගම්මානයේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය. එක්සත් ජාතික පක්ෂය අද දෙකට තුනට කැඩිලා. කිසිසේත්ම මේ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නෑ. ඒ නිසා අපට පොදුජන පෙරමුණ විදියට, පොහොට්ටුවට තියෙන්නේ තනි සටනක් තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර පහයි. පහෙන් හතරක් අපි ජයග්‍රහණය කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. එමගින් ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න හා දේශපාලන ප්‍රශ්න විසඳනවා. අද යූ.එන්.පීයට කිසිම තැනක රැස්වීමක්වත් තියාගන්න බෑ. ඒ නිසා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහනයක් ලබලා අපි අගෝස්තු 5 වැනිදා ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. පොළොන්නරුව තමුන්නාන්සෙලාගේ, අපේ ගම. මේ ගමේ විරුද්ධ කට්ටියකුත් ඉන්නවානේ මට. ගමක විරුද්ධ කට්ටියක් ඉන්නවා. ඒක සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මට විරුද්ධ අය අංක හතට ඡන්දෙ දෙන්නේ නෑ කියලා කියනවා. ගමේ එකාට ඡන්දේ දෙන්න එපා කියලා කියනවා. දැන් ඒ කියන අයගෙන් තමුන්නාන්සේලා අහන්න ඕනෑ ගමේ අය විදිහට මට දෙන්න එපා කියන අය මොනවද ගමට කරලා තියෙන්නේ කියලා. පාරක් හදල තියෙනවද? මොනවහරි කරලා තියෙන්න එපායැ මේ ගමට. මොනවද කරලා තියෙන්නේ. මරණයට මඟුලට හැමදේටම එකට ඉන්න ගමේ මිනිහගේ මනුස්සකම අඳුනගන්න ඕනෑ. ඉතින් ඒක හින්දා 5 වැනිදා උදේ 7.00ට ඡන්ද පොළට ගිහිල්ලා මතක තියෙන 7 අංකයට ඡන්දය දීලා ගමේ මනුස්සයා, හතේ මහත්තයා, ගමේ එකාට ඡන්දයක් දාන්න. පස් වැනිදා උදේ හතට කතිරේ ගහපුවාම හතේ මහත්තයා මේ මැරතන් එකෙන් ගහන්නේ එසේ මෙසේ ගැහිල්ලක් නෙවෙයි. කේ.ජී. කරුණාරත්න - තමන්කඩුව
 

More News..