brand logo

මේ දවස්වල මම හෝටලේ හදන ගමන් පොල් වවනවා

02 December 2020

මේ දවස්වල මොකද කරන්නේ? මම මේ දවස්වල වැඩකටයුුතු කීපයක්ම කරනවා. මම සාමාන්‍යයෙන් වැවිලි කර්මාන්තේ වැඩකටයුතු කරපු පුද්ගලයෙක්. ඒ වගේම සංචාරක කර්මාන්තයට සම්බන්ධ මගේ ව්‍යාපාර තියෙනවා. දැනට අවුරුදු 4කට විතර ඉස්සර වෙලා සංචාරක ව්‍යාපාරයට අදාළ තැනක් ආරම්භ කරන්න මුල්ගල තියාගත්තා කොරගන්න බැරි වුණා. ඉතිං මේ මැතිවරණේ ප්‍රතිඵලෙන් පස්සේ ඉතාමත්ම වේගෙන් මේ වැඩ කටයුතු ටික කරලා දැන් ඉදිකිරීම් අවසන් කරගන්න පුළුවන් වුණා. ඒක එක කාර්යයක්. අනිත් පැත්තෙන් මගේ වැවිලි කර්මාන්තේ. මම පොල් වගාව කරන්නේ. ඒ වතුවලින් ගොඩාක් අඩු ආදායමක් ලැබුණේ. ඒ ටික සංවර්ධනය කරන්න අත දාලා තියෙනවා. දැන් ජනවාරි මාසේ ඉඳලා ඒ වැඩ කටයුතු ටික සිද්ද වෙනවා. මේ ටික කරන අතරේ පක්ෂ දේශපාලනේටත් අත ගහලා තියෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කයක් පාසා යමින් අපේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ටික කරගෙන යමින් ඉන්නවා. මේ විදිහට තමයි මේ දවස්වල මගේ කාලේ ගෙවෙන්නේ. ඔබතුමා සංචාරක ව්‍යාපාරෙට සම්බන්ධයි කිව්වනේ. අපි කැමැතියි දැන ගන්න මොන ක්ෂේත්‍රයේද ඔබේ ව්‍යාපාර තියෙන්නේ කියලා? අපිට තියෙන්නේ හෝටල්. අපි ඒ කර්මාන්තයට අදාළ තව ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තු වුණා. ඒක කරගන්න බැරි වුණා. දැන් ඒ ඉදිකිරීම අවසන් කරලා තියෙනවා. ඔබ කියන විදිහට හැඟෙන්නේ මැතිවරණේ පැරදුණු එක හොඳයි කියනවා වගේ අදහසක්? මම මගේ දවසේ වැඩිම කාලයක් යොමු කළේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට හා මට පැවරිලා තිබුණු විෂයට අදාළව රට පුරා කරන්න තියෙන වැඩවලට. ඒ අනුව සමහර වෙලාවට මාස 4කට 5කට සැරයක්වත් වත්තේ පොල් මුරය කඩන දවසටවත් අපට වත්තට යන්න හම්බවෙන්නේ නෑ. ඉතිං මේ නිසා විවිධ කෘමි හානි, පෝෂණය කිරීමේ වැඩවල විවිධ අඩු පාඩු අනන්ත අප්‍රමාණ සිද්ද වුණා. දැන් අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ අවකාශය ප්‍රයෝජනයට අරගෙන ඒ බැරිවෙච්ච හරිය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතිං අපිට පෞද්ගලික වශයෙන් ලැබෙන්න තිබුණු දේවල් අපිට අහිමි වෙලා තිබුණා. දැන් ඒ අහිමි වූ පෞද්ගලික ලාභ වර්ධනය කරගන්න මේ ලැබුණු වෙලාව පාවිච්චි කරන්න අපි පියවර අරන් තියෙනවා. ඔබ ඔරුව පෙරළුනාට පස්සේ පෙරළුනු පැත්ත හොඳයි කියනවා ද? ඉතාමත්ම පැහැදිලිව,ඉතාමත්ම සංතෝෂෙන්, ඉතාමත්ම සැනසිල්ලෙන් ඒ වැඩ කටයුතු ටික කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද උදේ නැගිට්ටාම රාත්‍රී 11 - 12 වෙනකන්වත් නිදා ගන්න නැති, දවසකට ටෙලිෆෝන් කෝල් 100කට 200කට විතර ආන්සර් කරන්න නැති, මින්සුන්ගේ ප්‍රශ්න විසඳන්න විවිධ ආයතනවලට කතා කරන්න නැති, සංවර්ධන ව්‍යාපෘති හදන්න නැති බොහෝම සාමකාමී කාලයක් ගත කරනවා. දැන් ලැබෙන දුරකතන ඇමැතුම් ප්‍රමාණයත් බොහෝම අවම වෙලා තියෙනවා. ඒ ලොකු සැනසිල්ලක්. එක පැත්තකින් මේ ලැබිලා තියෙන නිදහස බොහෝම වටිනවා. නමුත් මේකෙන් අගතියක් වෙලා තියෙනවා ජනතාවට. දැන් අපි අර කරගෙන ගිය වැඩසටහන් සියල්ල නතර වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලේ හදන එක නතර වෙලා, ට්‍රේනින් කොලෙජ් එක හදන එක නතර වෙලා, වාරි ව්‍යාපාර නතර වෙලා තියෙනවා. ඉතිං මේ නිසා මිනිස්සුන්ට අගතියක් වෙලා තියෙනවා මට කිසිම අගතියක් වෙලා නෑ. පරාජය වීම සම්බන්ධයෙන් පොඩි හරි දුකක්වත් අමනාපයක්වත් නැද්ද? මගේ ඇඟේ තියෙන මවිල් ගහක තරම්වත් මට වේදනාවක් නෑ. පසුතැවීමක් නෑ මේ පරාජය ගැන. මොකද මම හොඳට මහන්සිවෙලා වැඩ කරපු මිනිහෙක්. ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබුවේ මම නෙවෙයි ජනතාව. ඉතිං මේක අහිමි වෙලා තියෙනවා ජනතාවට. ඒකේ වේදනාව විඳින්න වෙලා තියෙන වා ජනතාවට. ඒක ජනතාව දැන් මාත් එක්ක කියනවා. ‘‘ අන්න ඔබතුමා කරපු ටෙක් එක නතර වෙලා, අරක නතර වෙලා මේක නතර වෙලා‘‘ කියලා. දැන් ඔය ලබන සැනසීම, නිදහස දිගටම පවත්වාගෙන යයි එහෙනං. ආයිත් ඡන්දේ ඉල්ලන එකක් නෑ නේද ? නෑ මගේ නිදහසට වඩා මේ ගමන බලන්න වෙලා තියෙනවා රට ගැන. අද ඔබ දන්නවා මේ පුරපසළොස්වක පෝය දවසේ මහර බන්ධනාගාරේ සිරකරුවන්ට වෙඩි තියලා මරලා දාලා තියෙනවා. එතකොට මේ නොහික්මුනු වැඩ ඔක්කොම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 20 ක්‍රියාත්මක කරලා ඒකාධිපතීත්වයට ගිය නිසා. ඔබ වැනි මාධ්‍යවේදීන්ටත් නිදහසේ අද ලියන්න බෑනේ මහත්තයෝ. සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් ෂෙයා කරපුවාමත් පළ කළාම නෙවේ ෂෙයාර් කරපුවාමත් හත්වැනි තට්ටුවට අරන් යනවා. මහජනයාගේ නිදහස ක්‍රමානුකූලව අහිමි කරමින් පීඩනයක් තුළ ජීවත් වීමේ තත්ත්වයක් ඇති කරමින් ඉන්නවා. ඉතිං මේකට එරෙහිව වැඩ කරන්න ඕන. මගේ නිදහස නැතිව යාවි. නමුත් මහජන නිදහස ඇති කරන්නට ඕන. අපි මහජනයා වෙනුවෙන් කැප වෙලා හිටියේ. ඒ නිසා මම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මගේ පෞද්ගලික වැඩ කරගන්න එක වෙනම කාරණයක්. නමුත් රටක් ජනතාවක් වෙනුවෙන් යම් කැප කිරීමක් අප කළ යුතු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් විදිහට කාලයක් හිටිය ඔබ සාමාන්‍ය මනුෂ්‍යෙයක් වුනාම දැනෙන්නේ කොහොමද? පුදුමාකාර නිදහසක්. පුදුමාකාර සුවයක් දැනෙනවා. සමන් සමරක්කොඩි
 

More News..