brand logo

මේ දරුවා මගේ - ඡායාරූප මගේ - කාටවත් ප්‍රශ්නයක් නෑනේ

12 October 2019

නිරූපිකාවක ලෙස ක්ෂෙත්‍රයට පැමිණි ඕෂධී හිමාෂා මේ වන විට ඇය ඉන්නේ  මව් පදවියට ආසන්නවයි. මේ අතරතුර අන්තර්ජාලයේ දක්නට ලැබෙන ඇගේ අලුත්ම ජායාරූප එකතුවක්  හා පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ සමාජයේ කතාබහක් අවදි වෙලා. මේ දිනවල අන්තර්ජාලයේ දකින්න ලැබෙන ඡායාරූප පෙළ ගන්න හිතුවෙ ඇයි?           මට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්ත දවසෙ ඉඳන්ම මගේ තිබුණ හීනයක් තමයි මම ගැබිනියක් විදිහට පෙනෙන තරමට කුස වැඩුණට පස්සෙ ඡායාරූප පෙළක් ගන්නව කියන එක. මෙම ඡායාරූප මම ගත්තෙ මම නිරූපිකාවක් නිසා හෝ වෙනයම් වෙළෙඳ අරමුණක් ඇතිව නම් නෙවෙයි. මේ ඡායාරූප සමාජයේ කතාබහකට මාතෘකාවක් වෙලා නේද? පහුගිය කාලයේ මම ගැබිනි සමය හා බිලිඳුන් ගැන ලංකාවේ විතරක් නොවෙයි මුළු ලෝකයේම නිකුත් වී ඇති ඡායාරූප වීඩියෝ වෙබ් පිටු කියවමින් තොරතුරු හොයන්න පටන් ගත්ත. ගර්භණී සමයේ තමන්ගේ ඡායාරූප පෙළක් ගන්න එක ලංකාවේ දුර්ලභ දෙයක්ද මම දන්නෙ නැහැ. ලෝකයේ වෙනත් රටවල නම් මෙය සාමාන්‍ය දෙයක්. මේවැනි ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් ඔබ අපේකෂා කළේ කුමක්ද?       මේ ඡායාරූපවලින් මම මගේ ජනප්‍රියත්වය ඉහළ නංවාගැනීමක් කොහොමටත් අපේක්ෂා කළේ නැහැ. එහෙම අරමුණක් තිබුණ නම් ඔය ඡායාරූප ටික මම ම ප්‍රසිද්ධ නොකර ගොසිප් නිර්මාණය කරන අයට දෙන්න තිබුණනෙ. මෙය ඔබ බොහෝ  සූදානමකින් කළ ඡායාරූප පෙළක් නේද? මම හිටපු ක්ෙෂ් ත්‍රය අනුව මට ගැබිනි සමයේ ඡායාරූප පෙළක් කරන්න ආරාධනා ගොඩක් ආවා. එයින් මම තෝරගත්ත කිහිප දෙනෙක් එක්ක මම  කිහිප අවස්ථාවකම ඡායාරූප එකතූන් කිහිපයක්ම කළා. එතනදි අර සාම්ප්‍රදායික ගැබිනි වියේ ඡායාරූපවලට වඩා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් ගන්න මට ඕන වුණා. මොකද කවද හරි මට මේ ඡායාරූප ටික මතකයක් විදිහට ඉතිරිවෙන නිසා. ඒකට ලොකු වටිනාකමක් දිය යුතුයි කියලා හිතලා මම ලොකු අවධානයකින් තමයි ඒ ඡායාරූප ටික කළේ. මෙහිදී ජලයේ බැස ඡායාරූපවලට පෙනී සිටිත්දී ගැබිනියක විදිහට අවදානමක් තිබුණෙ නැතිද? නැහැ. ඇත්තටම මේ ඡායාරූප පෙළේ පළමු ඡායාරූප ටික ලබාගත්තෙ දිය ඇල්ලක.  පරිස්සම් වුණේ නැත්තෙ නැහැ. නිරූපණ ශිල්පීන් විදිහට අපිට ඒක සාමාන්‍ය දෙයක්. මොකද මියුසික් විඩියෝවක්  සිනමා හෝ ටෙලි නිර්මාණයකදී වුණත් දිය ඇල්ලක බහින්න කිව්වත් ගහකට ගලකට නගින්න කිවව්ත් ඒ  කරන්න වෙනව. මගේ  සැමියගෙ සහයත් ඇතිව ප්‍රවේශමින් ඡායාරූපවලට පෙනී හිටිය. මේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කළේ ඔබ දෙදෙනාද? අපි කරපු සෑම ඡායාරූපයක්ම මමයි මගේ සැමියයි බලල මේ මේ ඡායාරූප හොඳයි කියල තීරණය කළාට පස්සෙ අපේ කැමැත්ත මතයි එම ඡායාරූප ශිල්පීන් අන්තර්ජාලයට ඒවා නිකුත් කළේ. ඔබ හිතන විදිහට ඇයි මිනිස්සු මේ ගැන මේ තරම් කතා කරන්නෙ? මේක ලංකාවේ ජීවත්වෙන ලාංකිකයන් තුළ මම දුටු ලක්ෂණයක් .පිටරටවල ජීවත්වෙන ලාංකිකයන්ගෙ මේ ලක්ෂණය මම දකින්නෙ නැහැ. මම හිතන්නෙ ඒක ලංකාවේ ජීවත්වෙන මිනිස්සුන්ගෙ මානසිකත්වය.  ඕන දෙයක් විවේචනය කරන්න බනින්න බලන පැත්ත වැඩියි. ඒක ලංකාවේ සාමාන්‍ය විදිහ. මම වැඩකරපු ක්ෂේත්‍රයත් එක්ක මම ඔය විවේචනවලට හුරුවෙලා ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් කෙනෙක් වෙනස් දෙයක් කළහම නරක පැත්තට කතාකරනව වැඩියි කියන එකත් මම ලංකාවේ මිනිස්සුන්ගේ දැකපු ලක්ෂණයක්. මෙහෙම වෙන්නෙ ඉරිසියාව නිසාද? ඉරිසියාව කියන දේ අපි හැමෝගෙම හිත්වල තියෙනව. ලංකාවේ මිනිස්සු ඒක ඉතා ඉක්මනින් සෘජුවම පෙන්වනව. මේ නිසා ඔබ අපහසුවට පත්වුණාද? කටකතාවලින් මම සැලුන නම් මම මේ වෙත්දි මේ ක්ෂේත්‍රයෙ නැහැ. මීට අවුරුදු දෙකකට කලින් 2016  මම පෙනී සිටි මියුසික් වීඩියොවක් ගැන දරුණුවටම ගොසිප් හැදුණා. මිනිස්සු කියන දේවල් මම ගණන් ගන්නෙ නැහැ. මේ කනින් අහල අනිත් කනින් පිටකරනව. මම මේ මිනිස්සුන්ට බණිනව නෙවෙයි. ඒක මින්සුන්ගෙ මානසිකත්වය. එක එක්කෙනා එක එක විදිහයි. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් ගැන තමන්ගෙ අදහස් දක්වන්න පුළුවන්. ඒකට ඔවුන්ට සම්පූර්ණ අයිතිය තියෙනව. ඒත් තමන් තේරුම් ගන්න ඕන තමන් ඔය විවේචන අරගෙන කොතරම් දුර යනවද කියන කාරණය. හෙට අනිද්දා ඔබ දෙපළට මව්පිය වරම් රැගෙන එන්නේ  දුවෙක්ද පුතෙක්ද? අපි දෙන්නට මව්පියන් වෙන්න තව දින දහයක් විතර තමයි තියෙන්නෙ. වෛද්‍යවරයා පැවසූ විදිහටම මට ලැබෙන්න ඉන්නෙ දුවෙක්. බබාට දාන නම ගැනත් හිතලද ඉන්නෙ? නම් කිහිපයක්ම හිතේ තියාගෙන ඉන්නෙ. බබා ඉපදෙන වෙලාව අනුව බලල ගැළපෙන අකුරුත් එක්ක නමක් තෝරගන්නව.  ගැබිනි සමයේදීත්  ආහාර පාලනයක යෙදුණද? මම කවදත් නිරූපිකාවක් විදිහයට මගේ ශරීරයේ හැඩය තබාගන්න වුවමනා නිසා කෑමෙන් බීමෙන් ගොඩක් පරිස්සම් වුණා. ලංකාවේ මම දැකල තියෙන විදිහට කාන්තාවක් ගැබිනි සමයේ ඉන්න ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් විතර මහත් වෙනව. මම ඒකට ගොඩක් බය වුණා. අනික මනෝජ් වුණත් තුන්වේලටම බත් කන කෙනෙක් නෙවෙයි. අපි දෙන්නම බත් කන එක අඩුයි. මම ගෙදර වැඩියෙන් බත් උයන්නෙ නැහැ. මගෙ වෛද්‍යවරයා මට උපදෙස් දීලා තියෙන්නෙ ඕෂධී ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නව කියලා දෙන්නෙකුට ඇතිවෙන්න කන්න වුවමනා නැහැ. සාමාන්‍යයෙන් කන ප්‍රමාණය කන්න. සෞඛ්‍යාරක්ෂිත ආහාර ගන්න. හැම වෙලාවෙම කන්න. සලාද වර්ග හැකි තරම් ආහාරයට එකතුකර ගන්න කියලයි. ඒ විදිහටයි මම කෑවේ බිව්වෙ දැනටත් මගේ ශරීරය අනවශ්‍ය විදිහට බර වැඩිවෙලා නැහැ. ක්ෂේත්‍රයට එනව නම් ඇඟ හදාගන්න මට ලොකු වෙහෙසක් දරන්න වෙන එකක් නැහැ. සුරංජි පතිරණ
 

More News..