brand logo

මේ තේ එක බිව්වොත් අවුරුදු 100ක් ජීවත් වෙන්න පුලුවන්

22 April 2021

උණ, හෙම්බිරිසාවට ඉක්මන් සුවය දෙන ‘රෝස්රූට් තේ‘

සහස්‍ර ගණනාවක් තිස්සේ මිනිසුන් ‘රෝස්රූට්’ (රෝඩියෝලා රෝසියා) නමැති ඖෂධ පැළෑටියේ ගුණය පිළිබඳ දැන සිටි බව පෙනේ. සයිබීරියානු ජනප්‍රවාදයන්ට අනුව, රෝස්රූට් තේ පානය කරන්නන් හට අවුරුදු 100කට වඩා ජීවත් විය හැකි ය. පුරාණ ග්‍රීකයෝ, වයිකිංවරු, කොකේසියානු ජාතිකයෝ මෙන්ම මොන්ගෝලියානුවෝද රෝස්රූට් ප්‍රිය කළහ.

“මොන්ගෝලියානු වෛද්‍යවරු පිළිකා සහ ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රෝස්රූට් භාවිත කරති. මධ්‍යම ආසියානුවන් අදටත් විශ්වාස කරන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඉක්මනින් සුව කරගැනීම සඳහා හොඳම ඖෂධය වන්නේ රෝස්රූට් තේ බවයි.

නවතම පර්යේෂණයන්ට අනුව, රෝස්රූට් මානසික අවපීඩනය හා තෙහෙට්ටුව අඩු කිරීම සඳහා ඵලදායී වේ. එහි කාර්යක්ෂමතාව ‘සර්ට්‍රාලයින්’ වැනි සාම්ප්‍රදායික විෂ නාශකවලට වඩා අඩුය. එනමුත් වාසිදායක බවත් ප්‍රවේශම් සහගත බවත් බෙහෙවින් වැඩිය. 1960 දශකයේ සිට රෝස්රූට් කිසියම් පුද්ගලයෙකුගේ සෞඛ්‍යය වෙත ඇති කරන බලපෑම පිළිබඳ අධ්‍යයන 200කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇත. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසුන් මානසික අවපීඩනය, තෙහෙට්ටුව සහ වෙනත් බෝ නොවන රෝගාබාධවලට එරෙහිව සටන් කිරීමට පිහිට පතා තිබුණේ මත්ද්‍රව්‍යවලිනි. එනමුත් රෝස්රූට් වැනි පැළෑටි එයට වඩා සිය දහස් ගුණයක් අගනේය.

විශේෂයෙන්ම යුධ ශූරයින් වූ වයිකින්වරු එම පැළෑටිය යොදා ගත්තේ විඳදරා ගැනීම සහ ශක්තිමත්බව වැඩි කර ගැනීම සඳහාය. පුරාණ චීන ජාතිකයන්ද රෝස්රූට් පැළ සෙවීම සඳහා සයිබීරියාවතෙක් ගවේෂණ සිදු කොට තිබේ.

මොන්ගෝලියානු වෛද්‍යවරු පිළිකා සහ ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රෝස්රූට් භාවිත කරති. මධ්‍යම ආසියානුවන් අදටත් විශ්වාස කරන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඉක්මනින් සුව කරගැනීම සඳහා හොඳම ඖෂධය වන්නේ රෝස්රූට් තේ බවයි.   ශ්‍රීනි ලංකා ජයකොඩි
 

More News..