brand logo

මේනකා මගේ ජීවිතය වෙනස් කළා - රනිල් කුලසිංහ

07 July 2020

රනිල් කුලසිංහ කියන්නේ තමන්ටම ආවේණික පෙනුම සහ රංග විලාසයත් එක්ක කලා ක්ෂේත්‍ර​ෙය ස්ථාවරත්වයක් ගොඩනගා ගත් කෙනෙක්. ඒ වගේම රනිල් විවාහ වෙලා ඉන්නෙත් සම්මානිත දක්ෂ රංගන සහ නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස් සමග. රනිල් සහ මේනකා එකතුවෙලා නර්තන පාසලකුත් පවත්වාගෙන යනවා. ඒ අතර දැනගන්න ලැබුණා මේ දිනවල රනිල් වැඩි වශයෙන් ඉන්නේ කන්ද උඩරටට හිත යොමු කරලා කියලා. ඒ නිසා පිනිපලස කතා බහට අපි රනිල්ව සම්බන්ධ කර ගත්තා. මේ දිනවල මොකද කරන්නේ? මේ දවස් වල මගේ අලුත් නිර්මාණය වන 'පානාමංකඩ' වෙනුවෙන් තමා වැඩි කාලය යොදවල තියෙන්නේ. එහි දර්ශන තල නිර්මාණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. කොරෝනා කාලෙ ලැබුණු නිවාඩුවේ මොකද කළේ පිටපතක් ලියන්න උත්සහ කළා. පොත පත කියෙව්වා. ඊට අමතරව ඉතින් මේනකා එක්ක නැටුවා. අධ්‍යක්ෂණය කියන්නේ ඔබේ සිහිනයක් ද? ඔව් මම අනෝජා වීරසිංහ සහ මහේන්ද්‍ර පෙරේරා ගාවට ගිහින් ඉගෙන ගත්තේ අධ්‍යක්ෂකවරයෙක් වීමේ ආසාවට. නමුත් අහම්බයකින් වගේ රංගනයට මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමා රංගන ශිල්පියෙක් වුණේ. නමුත් මගේ සිහිනය අධ්‍යක්ෂණය. මීට පෙර නිර්මාණ ගැනත් මතක් කළොත් 2018 දී මුලින්ම කළේ ස්වාධීන රූපවාහිනියට පූරි කියන නාට්‍යය. ඊට පස්සේ සිරසට කළා. දෑස මගේ නුඹ කියන ටෙලි නිර්මාණය. ඒ එක්කම දෙරණ නාළිකාවට චිත්‍රපටයක් කරලා තියෙනවා. ඊළඟ නිර්මාණය තමා මේ කරන්න යන්නේ. අද තියෙන නිර්මාණ ගැන මොකක් ද අදහස මම කිසිම නිර්මාණයක් පෞද්ගලිකව විවේචනය කරන කෙනෙක් නෙවෙයි. වර්තමානයේ අපේ නිර්මාණ තරුණයන් අතරට එන්න අරගෙන තියෙනවා. ඒක මම දකින්නේ හොඳ ප්‍රවණතාවක් විදියට. ඒ එක්කම දක්ෂ නිර්මාණකරුවන් බිහිවෙලා ඉන්නවා. නිර්මාණකරණයේ නෙවෙයි මම අඩුවක් දකින්නේ රුපවාහිනී නාළිකාවල තියෙන ගණන් මිනුම් එක්ක හැප්පෙන්න තියෙන අමාරුව. මොකද ගුණාත්මක නිර්මාණයක් කරනවා කියන්නේ ලෙහෙසි නැහැ. අලුත් හෝ පරණ නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්, මේ අභියෝගය හැමෝටම වගේ තියෙනවා මම දකින විදියට. ඔබ අලුත් මුහුණක් හෙව්වා නේද? මගේ නිර්මාණය තුළින් විශේෂ අලුත් මුහුණු කිහිපයක් එනවා. ඒ අතර සුවිශේෂී චරිතයක් එනවා මේ නිර්මාණයේ ප්‍රධාන පිරිමි චරිතයට. ඔහු ලංකාවේ ජ්‍යෙෂ්ඨ ඒ වගේම විශේෂ කෙනෙක්. අලුත් මුහුණු හොයාගෙන යන අතරතුර මට මොහු මුණගැහෙන්නේ. මේ වෙද්දී අපි පිටපත සාකච්ඡා කරගෙන යනවා. මම විශ්වාස කරනවා මේ නිර්මාණය එළියට එද්දිම ඔහු ගැන බොහෝ දෙනා කතා කරයි කියලා. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් නව පරපුර සහ අලුත්ම අය මේ නිර්මාණය තුළ ඉන්නවා. මේනකා ගැන කතා නොකළොත් අඩුවක් නේ, කොහොමද ලැබෙන සහයෝගය මේනකා තමා මගේ ජීවිතේ වෙනස් වුණු තැන. අධ්‍යක්ෂක සිහිනය පවා මේ තරම් ඉක්මනින් සැබෑ වුණේ මේනකා ගේ දිරි ගැන්වීම් නිසා තමයි. මේනකා එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. ගෙදර වැඩ ටික වගේම මගේ නිර්මාණවල පිටපතේ ඉඳන් ඇයගේ සහයෝගය තියෙනවා. මේනකා මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10 ක් විතර. ඒ නිසා අත්දැකීම් වැඩියි. මේ අපි දෙන්නා එකට එකතුවෙලා යන ගමනක්. රනිල්ව රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් මම තෝරා බේරා ගෙන පමණක් රංගනයේ යෙදෙන නිසා බොහෝ චරිත මට ප්‍රතික්ෂේප කරන්නවුණා. හොඳ තිර පිටපතක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. මම එහි බොහෝ දුරට රඟපායි. ඔබේ නිර්මාණයේ ඔබ නැද්ද නැහැ. කවදාවත් මම මගේ නිර්මාණවල රඟපාන්නේ නැහැ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ මේ අලුත් වැඩේ නිෂ්පාදකතුමා ගයාන් දිනේෂ් පෙරේරා. ඔහු මට කිව්වා මෙහි එක චරිතයක් මටම කරන්න කියලා. මම ඒක පවා භාර ගත්තේ නැහැ. ඒ වගේම ගයාන් ප්‍රඩක්ෂන් එකට මම ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා. මොකද කොළඹින් පිට දර්ශන තල හදාගෙන සම්මානිත ශිල්පීන් එකතු කරන් වැඩක් කරනවා කියන්නේ ලෙහෙසි නැහැ.ඉතින් නව පරපුර ඉන්නේ මාව විශ්වාස කරලා මේ වැඩේ නිෂ්පාදනය කරන්න එකතු වීම ගැන. රනිල්ගේ අනාගත බලාපොරොත්තු මොනවද කලාව පැත්තෙන් නම් මගේ හිතේ තියෙන නිර්මාණ ටික කරන එක සහ ලොකුම ඉලක්කය තමා චිත්‍රපටයක් කරන එක. පෞද්ගලික ජිවිතේ නම් ඉතින් මමයි මේනකායි එකතුවෙලා අපේම කියලා ගෙයක් හදාගෙන යනවා. දැන් ඒකේ බොහෝ දුරට වැඩ අවසන්. ඒ එක්කම ඉතින් මේ කාර්යබහුල ජිවිතේ පොඩ්ඩක් අඩු වුණාම අපි දෙන්නා දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හැර ඉතින් ලොකු බලාපොරොත්තු කියලා නැහැ. සතුටින් සරල ජීවත් වීම හැර. මේනකා දිගටම රඟපායි ද? ඔව් මම හිතන්නේ. මම නම් කවදාවත් රඟපාන්න එපා කියන්නේ නැහැ. මේනකා කියන්නේ සම්මානිත රංගන ශිල්පිනියක්. ඇය මේ තුළ ඉන්න ඕනේ කියන තැන මම ඉන්නේ. එහෙම මම අයින් වෙන්න කියනවා නම් මේනකා ට වගේම කලාවට කරන ලොකු අසාධාරණයක් කියලා මම හිතන්නේ. අනුෂා රණසිංහ
 

More News..