brand logo

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාට සිංහ රෙජිමේන්තු උපහාර

10 July 2019

යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්වූ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හට සිංහ රෙජිමේන්තුව විසින් ලබාදුන් සම්මාන ආචාර පෙළපාලිය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පෙරේදා (08) පැවැත් විණි. එහිදී නිලධාරීනන් හා සෙබලුන් ඇමතූ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා පැවසුවේ 30 වසරක කුරිරු යුද්ධ නිමා කරනු පිණිස නිර්භීතව සහ වේගවත්ව පෙරමුණ ගත් රෙජිමේන්තුවක් ලෙස ඉදිරියෙදී පැනනැගිය හැකි අවිනිශ්චිත තර්ජනයන් හට නොබියව මුහුණ දීමට මානසිකව හා ශාරීරිකව සූදානම්ව සිටිය යුතු බවය. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..